ප්‍රබල අකුණු සහිත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

ප්‍රදේශ කිහිපයකට බලපාන අයහපත් කාලගුණික තත්ත්වයක් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට සවස් කාලයේදී ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව මෙහි සඳහන් වේ.

වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව අදාළ නිවේදනය මගින් අවධාරණය කරයි.

ඒ අනුව, එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ප්‍රබල අකුණු සහිත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here