නිශ්මං රණසිංහ ,අප්‍රේල් 02, කොළඹ LNW:
ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි විස්ස තරග 4 ට සහ එක් දින තරග දෙකකට සහභාගී වීමට නම් කරන ලද අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය මොණරාගල දිස්ත්‍රික්කයේ පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ චමෝදි ප්‍රබෝධා ට හිමි වි ඇත.අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ ක්‍රීඩා කර වසර කිහිපයක අත්දැකීම් ඇති චමෝදි කාන්තා ජාතික විස්සයි විස්ස තරගාවලියේදී ද නායිකාවක ලෙස අත්හදා බැලුණු අතර ඇය එහිදී ද හොඳම පන්දු යවන්නිය වෙමින් මෙන්ම නායිකාවක ලෙස ද තමන් සමඟ සිටි 19 න් පහළ ක්‍රීිඩිකාවන් සමග ප්‍රතිවාදීන්ට සිය නායකත්වයෙන් ද අභියෝග එල්ල කළාය.
බට්ටි නමින් ප්‍රකට ඇය මෙන්ම මේ කණ්ඩායම තුළ කාන්තා ක්‍රිකට් ව්‍යාප්තිය පැහැදිළි කරන අන්දමේ පුළුල් නියෝජනයක් දැකිය හැකිය.ඌව,නැගෙනහිර,උතුරු මැද,වයඹ,බස්නාහිර,දකුණ,මධ්‍යම සහ බස්නාහිර ලෙස සබරගමුව හැරෙන්නට පළාත් අටකම නියෝජන මේ කණ්ඩායම තුළ දැකිය හැකිය.වෙනදා සිටින අත්දැකීම් ඇති මුහුණු ගැල වී බට්ටිගේ කණ්ඩායමට අලුත් මුහුණු කිහිපයක්ම එකතු වී තිබුණත් ඒ සියල්ලම පාහේත් ජාතික මට්ටමේ ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ අභියෝගාත්මකව ක්‍රීඩා කර අත්දැකීම් ඇති පිරිසකි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඊළග පරස්පරාවට අවස්ථාව දීම වෙනුවෙන් ජාතික විස්සයි විස්ස තරගාවලියක් පවත්වා කණ්ඩායම් රතු,නිල්,කොළ සහ අළු ලෙස නම් කරද්දි අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්ම පමණක් එක වර්ණයකට යොමු කර අත්දැකීම් ලබා ගැනීමට ඉඩ ලබා දුන් බැවිනි.
චමෝදීට නායිකාවක ලෙස වැදගත්ම සහය ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අත්දැකීම් සහිත ශෂිනි ගිම්හානිගෙන් ලබා ගැනීමට හැකියාව ඇත.විමෝක්ෂා බාලසූරිය මෙන්ම සංජනා කාවින්දි ද හොඳ අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවකි.සිය දඟ පන්දුව තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස මෙහෙයවා ඇති අසෙනි තලගුනේ ද කණ්ඩායමේය.චමෝදි හේරත් මෙන්ම එල්ල වූ චෝදනාවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්ම පිළිතුරු දී ඇති ලිමන්සා තිලකරත්න ද අත්දැකීම් සහිත කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩිකාවෝ වෙති.කඩුල්ල පිටුපස වගකීම දරන හුරුබුහුටි නෙතගි ඉසුරාංජලී ද අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකි.එමෙන්ම ඇය අවුරුදු 19 න් පහළ කණ්ඩායම මීට පෙර නියෝජනය කළ රශ්මි නේත්‍රාංජලී ගේ බාල සොහොයුරියද වන්නීය.
කොළඹ නමගිය පාසල්වල ක්‍රීඩිකාවන් ක්‍රීකට් ක්‍රීඩාවේදී දකින්නට නොලැබුණ හිදැස වසමින් මෙම කණ්ඩායමට ඇතුළත් වන්නට කොළඹ කාන්තා විද්‍යාලයේ ඩාරියා දිසානායක සමත්ව සිටින්නීය.ප්‍රමුදි මෙත්සරා ද අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක්ය.
පහත දැක්වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ නම් සහ ඔවුන් නියෝජනය කරන පාසල්ය.එයින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීකට් විවේචනය කිරීම පමණක් රුචිය කරගත් බොහෝ අයට අගය කළ යුතු දේ ද ඇති බව හෝ වටහා ගන්නට හැකි වනු ඇත.
1) චමෝදි ප්‍රබෝදා -නායිකාව: පඤ්ඤානන්ද ම.වි, මොනරාගල
2) විමෝක්ෂා බාලසූරිය: සිංහල ම.වි., ත්‍රිකුණාමලය
3) සංජන කාවින්දි: දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
4) උමයංගනා පීරිස්: වේල්ස් කුමරිය විද්‍යාලය, මොරටුව
5) නෙතගී ඉසුරාංජලී: දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
6) ශෂිනි ගිම්හානි: දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
7) ප්‍රමුදි මෙත්සරා: උහන ජාතික පාසල, අම්පාර
8) ලිමංසා තිලකරත්න
9) නෙත්මි උපේක්ෂා: මලියදේව බාලිකා, කුරුණෑගල
10) අසේනි තලගුණේ: මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර
11) චමෝදි හේරත්: අනුර විද්‍යාලය, මාතර
12) දනෝද්‍යා සෙව්මිණි: ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම
13) යෙෂාලි ජිතාරා: අනුලා විද්‍යාලය, නුගේගොඩ
14) ඩාරියා දිසානායක: කාන්තා විද්‍යාලය, කොළඹ
15) ෂයානි තෙන්නකෝන්: රාජකීය විද්‍යාලය, පොළොන්නරුව


The post පළාත් අටක්ම එකතු කර බට්ටිට ලොකු තැන දෙයි appeared first on LNW Sinhala.
Saru News
















