ඉතුරුම් බත්වලින් පහසු රසකැවිලි තුනක්

0
13


මේ දිනවල ආර්ථිකය එක්ක අපිට කිසිම දෙයක් අපතේ දාන්න බෑ. උයමන් වලදී බත් ඉතුරු වෙනවානම් ඒ බත් අපතේ නොදා රසවත් කැවිලි වර්ග හදන හැටි ඔබට කියන්න අපි හිතුවා.

එහෙනම් හදලා බලන්න.

බත් අග්ගලා

අවශ්‍ය දේවල්:

වේලා ගත් බත් කප් එකක්

පොල් බෑයක පොල්

සීනි, හකුරු හෝ පැණි

ලුණු 

සාදාගන්නා ආකාරය:

වේලා ගත්  බත් රන්වන් පාට වෙනතුරු කබලේ බදින්න.

සිහින්ව ග්‍රයින්ඩ් කර ගන්න.

පොල්,රස අනුව සීනි,(හකුරු හෝ පැණි) රස අනුව ලුණු එකට  කලවම් කරන්න.

අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.

ගුලි කිරීමට තෙත ගතිය මදිනම් වතුර ස්වල්පයක් එකතු කරගන්න.

ගුලි සාදා ගන්න.

ඉතුරු බතින් රොටී

අවශ්‍ය දේවල්:

පාන් පිටි 100g

ගා ගත් පොල් කෝප්ප 1/2

බත් කෝප්ප ½

සිහින්ව ලියාගත් රතු ලූණු තේ හැඳි 1

කබලේ බැද කුඩු කරගත් කරපිංචා තේ හැඳි ½

තෙල් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

පාන් පිටි ටික හලා ගන්න.

බත් ටික තලපයක් වෙනකල් අඹරන්න.

පොල්, පාන් පිටි සහ බත් තලපය තෙල් මේස හැඳි 2ක් සමග අනන්න.

කපා ගත් කරපිංචා කුඩු සහ රස අනුව ලුණු එකතු කරන්න. 

හොඳට මිශ්‍ර කරන්න.

මේ මිශ්‍රණය තෙත ගතිය වැඩි නිසා වතුර ඉතා ස්වල්පයක් එකතු කර ගන්න

තෙල් ගෑ ලෑල්ලක් උඩ මිශ්‍රණය තබා රෝලින් පින් එකකින් අඟල් 1/4ක පමණ ගනකමට තුනී කරන්න.

වීදුරුවකින් හෝ කට ලොකු බෝතලයක මූඩියකින් රොටී රවුම් කපාගන්න.

පෑන් එකක් ලිප තබා බටර් හෝ මාගරින් ⁣ස්වල්පයක් රත් වීමට හැර දෙපැත්ත දමමින් රොටී ටික පුළුස්සා ගන්න.

බත් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

බත් කප් 1 1/2

සීනි කප් 1/2

බිත්තර 2

ෆ්‍රෙශ් මිල්ක් කප් 1 1/2

සාදික්කා කුඩු තේ හැඳි 1/2

වියලි මිදි කප් 1/4

 සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එක් කර හොඳින් ගසාගන්න. 

එයට තරමක් පොඩි කළ බත් සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න.

මිශ්‍රණය බේක් කළ හැකි බඳුනක දමාගන්න. 

සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක් කරගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here