ඉලුක් රක්ෂිතයක ගින්නක් – අක්කර 10ක් විනාශයි 

0
3

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ග්‍රේග්ලි වතුයායට අයත් ඉලුක් රක්ෂිතයක ඊයේ (01)‍ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ඉන් අක්කර 10කට ආසන්න ප්‍රමාණයක් විනාශවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය මායිම්ව පිහිටි එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව පොලීසිය සැක කරයි.

රාත්‍රී 7:00ට පමණ හට ගත් ගින්න අද (02) දින අලුයම තෙක් පැතිර ගිය බවත්, ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවත් කොටගල ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here