රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපළවලට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. සැකකරුවන් රටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා ලෙසත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දැනුම් දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට උපදෙස් දෙන ලදී.

The post ශමින්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු… appeared first on LNW Sinhala.
Saru News













