හිටපු අමාත්‍යවරයෙකු අභාවප්‍රාප්ත වෙයි!

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

හිටපු අමාත්‍යවරයෙකු සහ දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ මහින්ද විජේසේකර මහතා අද ( අප්‍රේල් 02) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවූ බව වාර්තා වේ.  ඔහු හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය. 

1989 සිට 2010 දක්වා කාලය තුළ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වසර 20කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

තවද, ඔහු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය (2001-2004) සහ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය (2008) වැනි ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇත. 2009 වසරේ මාතර, ගොඩපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අතරතුර එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලැබීය. එතැන් පටන් ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව පසුවූ අතර මිය යන තෙක්ම ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියේය.

  • සිය දේශපාලන ගමන ආරම්භයේදී ඔහු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි අතර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන පක්ෂ නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය.

The post හිටපු අමාත්‍යවරයෙකු අභාවප්‍රාප්ත වෙයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here