හිටපු ඇමැති මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

0
3

හිටපු අමාත්‍යවරයකුවූ මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්තවී තිබේ.

මිය යනවිට ඔහු 81 වැනි වියේ පසුවූ ඒ මහතා ධීවර ඇතුළු අමාත්‍ය ධූර  ගණනාවක්ම හොබවා තිබිණි.

විජේසේකර මහතා හිටපු  බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ පියාණන්ය.

මහින්ද විජේසේකර මහතා අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී 2009 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා සිදුවූ එල්ටීටී බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබීය.

ඉන්පසුව, ඔහු මියයන තෙක්ම ඒ සඳහා ප්‍රතිකාර ලැබුවේය.

අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර මෙසේය.

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමා (2008-02-22 – 2010-04-09)
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය (2007-01-28 – 2008-06-06)
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය (2001-12-12 – 2004-02-07) (2001-12-12 – 2004-02-11) (2000-10-19 – 2001-09-13)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (2000-08-10 – 2000-10-10)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (1999-07-03 – 2000-08-09)
නිවාස සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (1997-06-09 – 1999-07-03)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-11-22 – 1997-06-09)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-09-01 – 1994-11-12)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here