ඔන්ලයින් මූල්‍ය ජාවාරමකට ආ ඉන්දුනීසියානුවෝ බඩුත් එක්ක මාට්ටු

0
3

අන්තර්ජාලය භාවිතා කර මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය  ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී, අද (02 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ කොටුව ඇත්තේ ඉන්දුනීසියානු ජාතික තරුණ ගුවන් මගීන් පිරිසක් වන අතර ඔවුන් සන්තකයේ තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ පහලොවක් පමණ වන බවද පැවසේ.

 ඔවුන් අද  අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

 ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාවිච්චි කරන ලද නවීනතම ජංගම දුරකථන 70 ක්, කුඩා පරිගණක ( Mini Computer ) 08 ක්, සිම් කාඩ් පත් 54 ක් ද සගවා ගෙන සිටි බව රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here