ඇප කොන්දේසි පූර්ණ කිරීමට නොහැකි වූ වියාලේන්ද්‍රන් යළිත් හිරගෙට

0
16


අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණා.

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන ගැනුණු බවයි වාර්තා වූයේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here