පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම මේ වනවිට 75%ක අගයක පවතින බවද එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
මෙවර වගා කන්නය සඳහා අවශ්‍ය ජලය ලබාදීමට හැකියාව පවතින නමුත්, පානීය ජල අවශ්‍යතා සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවලට කරදිය කාන්දු වීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල මෙම තත්වය ඇති විය හැකි බැවින්, ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
0
Saru News















