රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිරයි – තෙල් සංස්ථාව

0
3

රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමණාකරන අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙරට ඉන්ධන ගොඩබෑම සඳහා පවතින ස්ථාන දෙකෙහිම කාර්යබහුලත්වය හේතුවෙන් නෞකා ගෙන්වා ගැනීමට ප්‍රමාද වන බවය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන  ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා,

“රුසියාව එක්ක සාකච්ඡා කරනවා. මේ වෙද්දි අප්‍රේල් සහ පස්වෙනි මාසයේ තෙල් නැව් ගොඩාක් දුරට ස්ථීර කරලා තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙල් බාන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. එතකොට එවැනි ස්ථානයකට රුසියානු සමාගමකින් ලබාදෙන තෙල් නැවක් එන්න තියෙන දින සහ තාක්ෂණික කාරණා තමා දැන් මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් තෙල් ලබාගන්න පුළුවන් කියන එක ස්ථීර වෙලා තියෙන්නේ.” 

“හෙට දිනයේ දී තවත් ඩීසල් නැවක් ලංකාවට සේන්දු වෙන්න තියෙනවා. එහි ඩීසල් මෙක්ට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙක්ට්‍රික් ටොන් 5,000ක් පමණ රැගෙන එනවා. ඒ වගේම 6 සහ 7 තවත් ඩීසල් නෞකා දෙකක් එන්න නියමිතයි. එහෙම ගත්තහම අප්‍රේල් මාසයේ මුල් සතියේ දී අපි බලාපොරොත්තු වෙන සියලූම නෞකා ලංකාවට ළඟාවෙමින් තියෙනවා. ඒ වගේම පහුගිය මාසයේ දී අපි බලාපොරොත්තු වුණ සියලුම නෞකා ලංකාවට ළඟාවුණා. ඒ අනුව උත්සව සමය අවසන් වෙලා පස්වෙනි මාසය අවසන් වනතරු ලංකාව තුළ තෙල් තියෙනවා. නමුත් තෙල් මිල අධික නිසා පරිස්සමින් පරිහරණය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here