රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :
විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් 2025 සහ 2026 වසර සඳහා වන විභාග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මීට පෙර පැවති විවිධ බාධාවන් හේතුවෙන් සිසුන් මුහුණ දුන් අපහසුතා මඟහරවා ගනිමින්, නියමිත දිනටම විභාග පැවැත්වීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස අවසානයේදී පවත්වා අවසන් කිරීමට නියමිතය.
දැනටමත් ඇගයීම් කටයුතු අදියර කිහිපයක් යටතේ ක්‍රමවත්ව සිදුවන බවත්, සිසුන්ට එම දිනකවකවානු අනුව සිය අධ්‍යයන කටයුතු සූදානම් කරගත හැකි බවත් බලධාරීන් අවධාරණය කරයි.
මෙම නිවේදනය මඟින් රජය අපේක්ෂා කරන්නේ විභාග පද්ධතියේ කාලීන ස්ථාවරත්වය නැවත ඇති කිරීමටයි.


The post ඉදිරි විභාග සඳහා දැනුම් දීමක්! appeared first on LNW Sinhala.
Saru News













