උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (16) දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
Saru FM Media