සිසු සිසුවියෝ 176,527ක් විශ්වවිද්‍යාල වරම් ලබති – Saru News | සිංහල

0
3

පසුගිය 2025 අධ්‍යාපන පොදු සහතික්ප්‍රත උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයන් 176,527 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් කළ අතර ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විවිධ හේතූන් මත අපේක්ෂකයන් 111 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් අප්‍රේල් 06 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here