ධාවනයෙන් ඉවත්කර ඇති ලංගම බස්රථ 200ක් අවුරුදුසමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට

0
19


ධාවනයෙන් ඉවත්කර ඇති බස්රථ 200ක් අවුරුදුසමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවා.

බස් රථ ධාවනයට අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් නොමැති වීමත් බස් රථ ධාවනයට බාධාවක් සේ පෙනී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ධාවන තත්ත්වයේ පවතින්නේ බස් රථ 5181ක් පමණක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ 1955න් බස් රථ 200ක් කඩිනමින් අලුත්වැඩියා කර අවුරුදු සමය තුළ සේවයේ යෙදවීමට කටයුතු කරන බව කියා සිටියා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here