ජයගත යුතුම තරගය ශ්‍රී ලංකාව ජය ගනියි

0
3

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW:

ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය කිරීමේ සිහිනයට සැබෑ කර ගැනීම දුෂ්කර වුව ද,ඒ යටතේ පැවති චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වූ තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් ශ්‍රේණිගත කිරීමේ දී පෙරමුණට යා හැකි බව අපි ඊයේ සටහනෙන් පෙන්වා දුන්නෙමු.

https://sinhala.lankanewsweb.net/03/31/262640/
ඒ සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සහතික කරමින් චීන තායිපේ රාජ්‍යයේ මලල ක්‍රීඩා සංකීරණ ක්‍රීඩාංගණයට රොක් වුණු එරට ජනතාව ඉදිරියේදී ම 2025 ජූනි මස 10 වන දින කළ ආකාරයටම ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 3-1 ක් ලෙස චීන තායිපේ කණ්ඩායම පරාජයට පත් කළේය.දෙවරක් පැරදුණ ද ලෝක ශ්‍රේණිගත කිරීමේ සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින චීන තායිපේ කණ්ඩායමට අත් කර දුන් පරාජයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14.42 ක් එකත් විය.ඒ අනුව ශ්‍රේණිගත කිරිමේ ශ්‍රී ලංකාවේ ලකුණු තත්ත්වය 871.82 ක් වෙමින් ඒ දක්වා 195 වන තැන සිටි ශ්‍රී ලංකාව 191 දක්වා ඉහළට එසැවී ඇත.

මෙසේ 191 වන තැන දක්වා පැමිණීම, 205 වන ස්ථානයේ සිට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති විදේශ ක්‍රීඩකයන්ද යොදවා ගෙන ක්‍රීඩා කරන්නට ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේදී අත් කර ගත් හොඳම ස්ථානය ලෙස දැක්විය හැකිය.චීන තායිපේ කණ්ඩායමට ලකුණු 14.42 ක් අඩු වුව ද,එය හානියක් නොවී ඔවුන්ට රැදී සිටි 174 වන තැනම රැදී සිටින්නට අවස්ථාව සැකසිණ.

මීට වසරකට එහා පැත්තේ පැවති තත්ත්වය සමඟ සසඳද්දි ශ්‍රී ලංකාව දකුණු ආසියානු කළාපයේ අවසන් ස්ථානයේ සිටිය අතර එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වී ඇත.දැන් පකිස්තානය 202 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.මේ තත්ත්වය දක්වා විශාල වෙහෙසක් සහ වියදමක් දරමින් විදේශ පුහුණුකරුවෙකු යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තත්ත්වය වෙනස් කිරීමට ජස්වර් උමාර් ඇතුළු පාපන්දු පරිපාලනය කළ කැපවීම සහ ඉවසීම ද අගය කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ පාපන්දුව 207 වන ස්ථානය දක්වා පහත නොවැටිය යුතුව තිබුණු එකකි.එහෙත් ඒ අවාසනාවන්ත තැනට පත්වීමෙන් පසුව නැවත නැගීටීම සහ ස්ථානය සහ ස්ථාවරය වෙනස් කර ගැනීම පහසු නැත.වසර දෙකකට ආසන්න කාලයක් තුළ ඒ අනුව මේ ඉදරියට පැමිණීම අගය කළ යුතුය.ශ්‍රී ලංකාව 1998 දි 122 වන තැන සිට ඇත.එය හොඳ තත්ත්වයකි.එහෙත් ඒ කාලයේ ශ්‍රේණිගත කිරීම් සඳහා මෙතරම් රටවල් ප්‍රමාණයක් සළකා බලා නැත.අද තරගකාරීත්වය වැඩි,ක්‍රීඩාවේ සහභාගීත්වය සහ ගුණාත්මක තරග රටාවන් හී විශාල ප්‍රගතියක් අත් විඳිමින් තිබියදී වේගයෙන් ඉදිරියට පැමිණීම 122 වීම තරම්ම වැදගත් ය.

චීන තායිපේ තරගයේදී පළමු අර්ධය නිමා වන විටම ශ්‍රී ලංකාව සිටියේ ජයග්‍රාහී ස්ථාවරයකය.ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන්ය.18 වන විනාඩියේදී දී භාරත් ඇන්තනී ලබා දුන් ගෝලය සහ සෙන්තුර්වාසන් නිලෝෂන් 26 වන විනාඩියේදී ලබා දුන් එම ගෝල ජයග්‍රාහි ස්ථාවරයට හේතුව විය.මේ අභියෝගය ඔවුන්ට කළ බලපෑමේ තරම පැහැදිළි කරමින් චීන තායිපේ කණ්ඩායමට ක්‍රීඩා කරන චීන – ඇමෙරිකා සම්භවයක් ඇති ටියාඕ ක්‍රිස්ටෝපර් අතින් ද ශ්‍රී ලංකාවට ගෝලයක් ලැබෙන්නේ 53 වන විනාඩියේදී ය.ඒ අනුව 3-0 ක් ලෙස ඉදරියට ඇදුණු ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වූ එකම ගෝලය 56 වන විනාඩියේදී චීන තායිපේ කණ්ඩායමට ලබා දෙන්නේ යු යාවෝ හිශින්ග් ය.

The post ජයගත යුතුම තරගය ශ්‍රී ලංකාව ජය ගනියි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here