ජොන්ස්ටන්ගේ පුත්‍රයින් දෙදෙනාට සහ ඇතුළු 04ක් ඇප මත මුදාහරියි – Saru News | සිංහල

0
5

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු ඇප මත මුදාහැරීමට  මීගමුව මහාධිකරණය අද (31) නියෝග කර තිබේ.

මෙලෙස ඇප හිමි වූ අනෙක් දෙදෙනා වන්නේ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් හා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල යන අයයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව රජයේ දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපති විසින් මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත්තේ 2015 වසරේදී ලැබුණු පැමිණිල්ලක් අනුවය.

සිය පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධුර හෙබවූ පුද්ගලික සමාගමේ එතනෝල් ප්‍රවාහනයට සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම, කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා මොවුන්ට එල්ල වී තිබේ..

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහි ප්‍රධාන සැකකරුවෙකු වන අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here