රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති ලංකාවේ සංචාරයක – Saru News | සිංහල

0
5

රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද ඇමති අන්ද්‍රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ දින 05ක නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකුද දූත පිරිස ලෙස පැමිණ තිබේ.

ඔවුන් පිළිගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here