ඉතිහාසයේ පළමු වරට අරුම පුදුම වැඩක් වෙයි! ප්‍රීති පද්මන් සූරසේන ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙස් වළාගෙන ගිහින් මාරවිල අධිකරණයේ වැඩ වෙන හැටි බලන් ඉඳලා! හරියට වැඩ නොකළ සාක්ෂිත් රැස්කරගෙන මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ ඒ මොහොතේම තහනම් කරලා! Sri Lanka Latest News

0
21


ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි.Sri Lanka Latest News

නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු එක්ව මෙම මහෙස්ත්‍රාත්වරයකුගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.

පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ අදාළ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමයි.

නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේ දී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේ දී ම ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here