විදේශ සංචිතවල ඉහළ යාමක්!

0
20


කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමක් බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

එසේම 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here