මීරිගම මූලික රෝහලේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු අතර අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම, මුළු දිවයිනටම සේවාව සපයන ජාතික මට්ටමේ වකුගඩු ගල් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මෙම ඒකකය සංවර්ධනය කිරීම, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාර භාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, පොරොත්තු ලේඛන අවම කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය සමිද්ධි සමරකෝන් සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර විසින් ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙන ලද්දේ වකුගඩු ගල් සැත්කම් සඳහා යොමු කිරීමේ ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අරමුණ රෝගී පොරොත්තු ලේඛන අවම කිරීම බවයි.
මෙම ව්‍යාපෘතිය මීරිගම මුලික රෝහලට සහ අවට ජනතාවට පමණක්ම නොව ජාතික වශයෙන් මෙරට සියලු ජනතාවට සේවය ලබා ගත හැකි ව්‍යපෘතියක් වන බවද, මෙය ඉක්මනින් ආරම්භ කිරීමට පරිත්‍යාගශීලීන්ද උදව් උපකාර කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.















1
Saru News
















