රෂිකා හෙන්නායක මාර්තු 31, කොළඹ LNW :
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අප්‍රේල් පළමු වනදා සඳහා විශේෂිත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර ඇත.
සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ රීතිය එදිනට සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ඔත්තේ සහ ඉරට්ටේ යන අංක කාණ්ඩ දෙකටම අයත් සියලුම වාහන සඳහා හෙට දිනයේ ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දින දෙකම ඔත්තේ දින ලෙස සැලකෙන බැවින්, ඉරට්ටේ අංක සහිත රථවාහනවලට සිදුවන අපහසුව මඟහරවා ගැනීමට මෙම තීරණය ගෙන ඇත.
කළමනාකාර අධ්‍යක්ෂවරයා තහවුරු කරන්නේ මෙමගින් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සේවාවක් සැලසෙනු ඇති බවයි. මෙය සියලුම රියදුරන් වෙත ලබාදෙන වැදගත් නිල දැනුම්දීමකි.


The post සියලුම රියදුරන් වෙත ලබාදෙන වැදගත් නිල දැනුම්දීමකි… appeared first on LNW Sinhala.
Saru News
















