ඉෂාරාගේ උපන්දින හුටපටේ නිසා OIC මාරු කරයි

0
3

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යැවීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

ඒ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලැසීමේ චෝදනාව මතය.

එලෙස මාරු කර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ බණ්ඩාර විජේතුංග මහතාය.‍

එම සිද්ධිය පාදක කරගෙන ජෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මේ වනවිට 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් පැවසේ.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here