ට්‍රම්ප් ගහපු එක පෑන් පාරින් ලංකාවේ කොටස් වෙළෙඳපොළ හාන්සියි! කෝටි 43,500ක් නැතිවෙයි! හෙට වෙද්දි ප්‍රශ්නය බේරගත්තෙ නැත්නම් ඔක්කොම කපෝතියි! Sri Lanka Latest News

0
19


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.Sri Lanka Latest News

මෙම තත්ත්වය තුළ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනය වී ඇත.

පවතින වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළ ද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ, එකී තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම අඛණ්ඩ ගනුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පරිහානියක් විඳදරා ගැනීමට සිදුවීමත් සමඟිනි.

පසුගිය අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය ඊයේ (07) දිනයේ ගනුදෙනු සමාප්තිය වන විට ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර ඇත. එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

මේ අතර අප්‍රේල් 02 දින වන විට රු. බිලියන 5,688.56ක් ලෙසින් වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ වන විට රු. බිලියන 5,253.18ක් දක්වා පහළ බැස ඇත්තේ මෙම දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරිමිනි. 

මෙහිදී ඊයේ දිනය තුළ දී පමණක් කොටස්‌ වෙළෙඳපොළට අහිමිව ඇති වටිනාකම රු. බිලියන 227කි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here