දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව මැති සබයේදී සම්මත කිරීම අද

0
21


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කල බවට වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගියදා භාරදෙනු ලැබුවා. 

ඊට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් කර තිබුණා.

අද දිනයෙන් ආරම්භ වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙවනදා රැස් වුණා. 

එහිදී පාර්ලිමේන්තුව අද, හෙට සහ 10 වනදා රැස්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි එකේ සිට හය දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.    

පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් පෙරවරු 11.00 සිට පෙරවරු 11.30    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
 

පෙරවරු 11.30 සිට පස්වරු  05.30    දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් අපරාධ නඩු විධාන විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමටත් නියමිතයි.
 

එමෙන්ම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනා සම්මතය, සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ ඡන්ද විමසීමකින් තොරව මෙම යෝජනා සම්මතය සිදුවනු ඇති බවයි.

Neth Sound · HARSHANA 01

මේ අතර අප්‍රේල් 10 වනදා පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතයි. 

දෙදින විවාදයක් ලෙස ඒ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් එහිදී තීරණය වී තිබෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here