දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

0
16


ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා නීතිඥවරු මාර්ගයෙන් ඊයේ (07) ගන්දර පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 35 යන වයස්වල පසුවන ගන්දර හා දෙව්නුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
.
පසුගිය මාර්තු මාසයේ 21 වන දින රාත්‍රී කාලයේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක්ට වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදිය අනතුරට ලක්කිරීමෙන් පසු වෙඩි තබා පළාගොස් තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here