නිශ්මං රණසිංහ ,මාර්තු 31, කොළඹ LNW:
ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ උප නායකයෙකු,තේරීම් කමිටු සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාවද සිටි තීක්ෂණ ගම්මන්පිල වත්මන් බේස්බෝල් කමිටුවට එරෙහිව චෝදනා පත්‍රයක් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දී ඇත.එහිදී වගකීම් සහිත පරිපාලනයක් විසින් නොකළ යුතු ආකාරයට ඔවුන්ගේ සංගමයේ විද්‍යුත් තැපෑලේ කරුණු මකා දැමීම ද එක් චෝදනාවකි.
එසේම සංගමයේ ලේකම්වරයා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලැබුණු නිවහනක් තමාන්ට සහ පවුලේ සාමාජිකයන්ට වෙන් කර ගැනීම නිසා ජපන් ජාතික පුහුණුකරුට ඔහුගේ වියදමෙන් ඩුබායි හී දි පිටත රැදී සිටින්නට සිඳු වූ බවත් ගම්මන්පිල මෙහිදී පෙන්වා දෙන කරුණු අතර වෙයි.ශ්‍රී ලංකාවට ඉහළ පුහුණු දැණුම සමඟ බේස්බෝල ක්‍රීඩාවට උපකාර කිරීම මීට පෙර ද ජපන් ජාතිකයන් විසින් සිඳු කර ඇති අතර මේ ලියුම්කරුගේ සම්බන්ධයක් පදනම් කරගෙන ජපානයේ සිටි වෘත්තීය බේස්බෝල ක්‍රීඩකයෙකු වන ඉෂාර සමරවීර ද ඒ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ නොමිලේ පුහුණු කදවුරක් කර ගොස් ඇති අවස්ථාවක්ද ඇත.
එවැනි ජාත්‍යන්තර සහය මහත් කැපවීමෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන රටක පුහුණුකරුවෙකු දෙවන කොට සිය පවුලට කණ්ඩායම වෙනුවෙන් කාමරයක් වෙන් කරවා ගැනීම යනු ක්‍රීඩාවට ආදරය ඇති අයෙකුගෙන් කිසිවිටෙක බලාපොරොත්තු විය නොහැකි රටේ ගෞරවයත් කෙළෙසා දමන සුළු තත්ත්වයකි.එහිදී විධායක සභාව මේ ගැන ගම්මන්පිල දක්වන ලද විරෝධයන් වෙනත් ක්‍රීඩාවන්වලදී ද වෙන බව දන්වා අඩුම තරමේ සාකච්ඡාවකටවත් නොගෙන වාර්තාවකට හෝ ඇතුළත් කිරීම නොසළකා හැර ඇත.
මේ ආකාරයට රටට අගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීම ඒ තරම් සුළුවෙන් සළකා අතහැර දැමීමට බේස්බෝල් පරිපාලකයන්ට පහසුවන්නේ එහි වත්මන් සභාපතිවරයාට ඒ ගැන වගකීමෙන් ක්‍රියා කර තීරණ ගැනීමට නොහැකි පසුබිමක් ඇති නිසා බව ක්‍රීඩා කේෂ්ත්‍රෙය් මතයය.ඊට හේතුව වන්නේ ඔහු රගර් පරිපාලනයේ සිටියදි විදේශිකයන් ලංකාවට ක්‍රීඩා කරවීම නිසා පවුම් 50000 ක දඩයක් ශ්‍රී ලංකා රගර්වලට ගෙවීමට සිඳුවීමේ බරපතල විදිහේ රට අවමානයට ලක් කිරීමේ චෝදනාවක ප්‍රමුඛයා වන නිසාය.
මේ ආකාරයේ චෝදනා පැමිණි ජාත්‍යන්තර රටවල පාලකයන්ට ව්‍යාජ ලේඛණ සකස් කිරිම සම්බන්ධයෙන් දඩුවම් පමුණුවා තනතුරවලින් ඉවත් කිරිම් කර තිබෙනවා.එහෙත් එම දඩය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සිට ලෝක සම්මේලනය එක්ක ඒ දඩය වාර ගණනකදී ශ්‍රී ලංකාවේ රගර්වලට ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාර මුදල්වලින් අඩු කර ගැනීම දක්වා සියළු තිරණ ගැනීමට නායකත්වය දෙන්නටත් ඔහුටම අවස්ථාව ලැබෙනවා.
මේ දක්වාම අදාළ රග්බි සභාපතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පත්වන ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩා පණතට අනුව ක්‍රියාකර ජාත්‍යන්තරයට මොහු ගැන දැන්වීම මඟ හැර තිබෙන අතර ඒ අවසරයෙන් ඔහු අද වන විට ජාත්‍යන්තරයේ චරිතයක් වි ශ්‍රී ලංකාවේ රගර් හසුරුවන තත්ත්වයට පත් වි තිබෙනවා.
මේ සියල්ල සළකා බලා ක්‍රීඩා අමාත්‍යංශයේ පුද්ගලයෙකු ගම්මන්පිලගේ චෝදනාව ගැන පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයාත්,ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයත් අසංක සමඟ මිත්‍රශිලීව සිටින නිසා බේස්බෝල් සම්බන්ධයෙන් සංගමයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගනු ඇති බවයි.දැන් වුණත් රගර් සම්බන්ධයෙන් කරලා තියෙන දේ ට දඩුවමක් දෙන්න,ජාත්‍යන්තරය දැනුවත් කරන්න අවශ්‍යය ප්‍රතිපාදන තිබෙන නමුත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ටත් වඩා හොඳ මිත්‍ර සම්බන්ධයක් වත්මන් අමාත්‍යවරයා සමග ඇති නිසා එය ද සිඳු නොවනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
‘ලියුමක් ආවම මොනව හරි කියලා කල් මරනවා.දැන් රගර් බේස්බෝල් විතරක් නෙමෙයි තියෙන ඔලිම්පික් ක්‍රීඩා ටික ඔක්කොම කාපං කියලා ඔලිම්පික් ක්‍රීඩාවලටත් පාර කපල දෙන්නයි හදන්නෙ.ඒ නිසා මේවා පත්තුවෙලා වැරදිකාරයෙක් වෙන්න තියෙන ඉඩ වහන්න ඒ අවස්ථාවට නාමයෝජනා දෙනකං ඔය ලියුම් පැත්තකට කරලා තියයි.‘
ක්‍රීඩා අමාත්‍යංශයේ පුද්ගල චරිතය පවසන එම කතාව නිවැරදිද යන්න දැන ගැනීමට තව සුළු කාලයක් බලා සිටින්නට සිඳුවෙනවා.බේස්බෝල් සහ රගර් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය හොඳින් දැක දැකත් ඒ ගැන තීරණයක් ගැනිම පසු කරමින් ඔලිම්පික් ක්‍රීඩා ටිකත් අනුභව කිරිමට අවස්ථාව උදා කර දෙන්නේ ද යන්න පිළිබදව බලා සිටීම හැර වෙන දෙයක් කිමට හැකියාවක් නැහැ.
අපේ ඇමති කෙනෙක් වෙලා වැරදි කරා කියා චෝදනාවක් නැහැනේ කියා කුමාර ජයකොඩි ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අදහසට සමානව ක්‍රීඩා අමාත්‍යවරයාට ද අවශ්‍යයනම් ඒක සිඳු වී ඇත්තේ අපේ කාලයේ නොවේ කියා මොනම අන්දමේ වරදක් කළ අයෙකුට වුව ක්‍රීඩාවේ ඕනෑම පුටුවකට ඒමට ඉඩ දිම ගැන සාධාරණ කරුණු ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා.
කෙසේ නමුත් ගම්මන්පිල මේ ලිපියේ පෙන්වා දෙන 2025 වසරට රට තුළ කිසිඳු තරගාවලියක් පැවත්වීමට බේස්බෝල් ජාතික පරිපාලනය අපොහොසත් වී ඇති බවට වන කාරණය වෙනුවෙන් හෝ බේස්බෝල් ප්‍රේමීන්ට එක පොකුරට එකතු වී සිය විරෝධය පෑමේ අවශ්‍යයතාවය තිබෙනවා.අවාසනාවකට ඒ ආකාරයට බෝට්ටුව පැද්දොත් නඟිනවා කියන අදහසෙන් මිස බෝට්ටුව දියඹට ගෙන පැද යා යුතුයි කියන අදහසේ අය අඩු නිසා වැරදිකාරයන්ට මෙන්ම වැරදිකාරයන් ආරක්ෂා කරන අයගේද බලය වැඩියෙන් බලාත්මකව පවතිනවා.


The post බේස්බෝලයට එරෙහිව ඇමතිට පැමිණිල්ලක් appeared first on LNW Sinhala.
Saru News
















