මහ මොළකරුවන් ආරක්ෂා කිරීමට ගම්මන්පිල පොතක් පෙරලයි – Saru News | සිංහල

0
5

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙසින් පෙනී සිටින උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කරන කෘතිය පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී ඇත.

එම කෘතිය සඳහා පාදක කර ගෙන තිබෙන්නේ ඉමාම් කමිටුව වාර්තාව සහ ජයන්ති ද අල්විස් කමිටු වාර්තාව බව අනාවරණය කර ගෙන ඇත. එම කමිටු දෙකම පත් කරනු ලැබුවේ පාස්කු දා එල්ල කළ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොමග යැවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා විසිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ වහාම වෛරී දේශපාලන පළි ගැනීමකට ලක් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් සිදු කරන ලද පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබීය. ඔවුන් දෙදෙනාගේ පරීක්ෂණවලට එරෙහිව ඉමාම් සහ ජයන්ති ද අල්විස් කමිටු යොදා ගනිමින් ව්‍යාජ වාර්තා සකස් කර තිබිණි. ගම්මන්පිල තම කෘතියේ පදනම ලෙසින් යොදා ගෙන ඇත්තේ එම වාර්තා දෙක වේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here