බස් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

0
4

කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෑගල්ල කොළඹ මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක, මාර්ග හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පදිකයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ මොලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෑගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here