විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි – Saru News | සිංහල

0
5

ඉරානයට එරෙහිව යුද ප්‍රහාර ආරම්භ කිරීමට පෙර පසුගිය පෙබරවාරි මුල් සතියේ ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ වාර්තා අනුව අප්‍රේල් 01 දින සිට විදුලි බිල ඉහළ දැමීමේ දී අවම ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන විශාල පිරිසකට ඉතා අවම මුදලක් වැඩි වී තිබේ.

ඒකක 30ක මාසික පරිභෝජනයක් ඇති විදුලි පාරිභෝගික සංඛ්‍යාව 1,849,241 වන අතර, ඔවුන්ගේ මාසික බිල පත වැඩි වී ඇත්තේ රුපියල් 215 සිට රුපියල් 230 දක්වා රුපියල් 15කින් පමණි. ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගික සංඛ්‍යාව 1,691,377 වන අතර ඔවුන්ගේ මාසික බිල රුපියල් 585 සිට රුපියල් 630 දක්වා රුපියල් 45කින් පමණක් වැඩි වී ඇත.

ඒකක 61 සිට ඒකක 90 දක්වා පාරිභෝගිකයින් 1,452,598ක් සිටින අතර ඔවුන්ගේ මාසික බිල්පත රුපියල් 1,720 සිට රුපියල් 1,840 දක්වා රුපියල් 120කින් වැඩි වී තිබේ. එමෙන් ම ඒකක 91 සිට ඒකක 180 දක්වා පාරිභෝගිකයන් 1,436,168ක් සිටින අතර‍ ඔවුන්ගේ බිල්පත් රුපියල් 6,000 සිට රුපියල් 6,420 දක්වා රුපියල් 420කින් වැඩි වී ඇත.

ඒකක 180ට වැඩි පාරිභෝගිකයින් 321,375ක් සිටින අතර, ඔවුන්ගේ බිල්පත්වල වැඩිවීම කාණ්ඩ 4ක් යටතේ පෙළ ගස්වා ඇති අතර, ඉහළම වැඩිවීම රුපියල් 13,920 බිල්පත රුපියල් 17,220ක් දක්වා රුපියල් 3,300කින් වැඩි වී ඇත


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here