මාතෘ මරණ අනුපාතය ලක්ෂයකට විසිපහක් ලෙස අඩු වී තිබෙනවා – ඇමති නලින්ද

0
15


ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් යැයි ද එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ .

අමාත්‍යවරයා මේ බව කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට බාර දීම වෙනුවෙන් මෙම හමුව පවත්වා තිබෙනවා .

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල් මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් – බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here