මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක අල්ලස් දැලේ – Saru News | සිංහල

0
3

මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු රුපියල් පනස්දහසක (රු 50,000) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මොණරාගල බස් නැවතුම්පළ අසළ පිහිටි පොදු වැසිකිළි සංකීර්ණයේ ඉහළ මාලයේදීය.

මොණරාගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයන් විසින් ටෙන්ඩර් ක්‍රමයට ලබාගෙන පවත්වාගෙන යනු ලබන ගවමස් වෙළඳසැල සහ පොදු වැසිකිළිය නිසි ප්‍රමිතියට අනුව පවත්වාගෙන නොයන බව පවසා, ඒවා මුද්‍රා නොතබා සිටීමටත්, හිඟ ටෙන්ඩර් වාරික ගෙවීමට සහන කාලයක් ලබා දීමටත් සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂයක (රු. 100,000) අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

එම අල්ලස් මුදලින් රුපියල් දහදාහක් (රු.10,000) මීට පෙර ලබාගෙන ඇති අතර, ඉතිරි මුදලින් රුපියල් පනස් දහසක (රු.50,000) මුදලක් ලබාගන්නා අවස්ථාවේදී මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here