ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ ඉල්ලා අස්වෙයි

0
3

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. 

මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ඇති.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක යන මහත්වරුන් සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් අගය කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here