අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් සීමාව තහනම් කරයි

0
4

ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤයේ ගුවන් සීමාව හෝ එරට පිහිටි යුද කඳවුරු භාවිතා කිරීමට අවසර නොදෙන බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබ්ලස් ප්‍රකාශ කර ඇත.

මෙම තීරණයට හේතුව ලෙස මෙම යුද්ධය අමෙරිකාව විසින් ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත්, එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් ස්පාඤ්ඤ රජය‍ පවසන බව සඳහන් වෙයි.

මෙම තීරණය හේතුවෙන් අමෙරිකානු ගුවන් යානාවලට වෙනත් විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු වේ. 

කෙසේ වෙතත්, හදිසි අවස්ථා සඳහා වන ගුවන් ගමන් වලට මෙම තහනම බලපාන්නේ නැති බවද සඳහන් වෙයි.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) දිගින් දිගටම මෙම යුද ක්‍රියාවලිය විවේචනය කර ඇති අතර, මෙයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ස්පාඤ්ඤයට එරෙහිව වෙළෙඳ සම්බාධක පනවන බවට තර්ජනය කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here