හෙට (31) උදෑසන 08.00 සිට එක් දිනක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සංගමය චෝදනා කර සිටියේ කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවයි.
එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසා ඇත්තේ මේ වන විට ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර කිසිදු දිනකදී එවැන්නක් සිදුකර නොමැති බවය.
එබැවින් මෙම ස්ථාන මාරුකිරීම් හේතුවෙන් අකමැත්තෙන් හෝ හෙට දින මෙම සංකේත වැඩ වර්ජනය පවත්වන බවත්, එය නවත්වා ගැනීමට අවශ්‍ය නම් හෙට (31)උදෑසන දක්වා කාලය ඇති බවත් ඔහු පවසයි.
කෙසෙවෙතත් හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Saru News
















