2000 නෝට්ටුව මහජනතාව අතරට ඒමේ ප්‍රමාදයක් – මහ බැංකුව කරුණු දක්වයි

0
7

රු.2000 නව මුදල් නෝට්ටුව මහජනතාව අතරට ඒමේ ප්‍රමාදයක් සිදුව ඇත.

මේ ගැන මහ බැංකුවේ ඇතැම් උසස් නිලධාරීගෙන් විමසීමේ දී ඔවුන් පවසන්නේ තමන් ද එම නව මුදල් නෝට්ටුව තවමත්  දැක නැති බවයි.

මේ පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ, රු. 2000 සංසරණ සමරු මුදල් පිළිබඳ මහජන දැනුම්වත් කිරීම සදහා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම  වෙනුවෙන්  නිකුත් කළ රු.2000 නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බව මහ බැංකුව පවසයි.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බව ද මහ බැංකුව කියයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

‘ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබයි.’

මේ ගැන ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර විමසීම් කළ හැකි බව ද  මහ බැංකුව  කියයි.

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01

දුරකතන : +94 11 2477587

විද්‍යුත් තැපෑල: [email protected]

  • ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here