දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය නිවේදනය කරයි – Saru News | සිංහල

0
4

මෙම 2026 වසරේ දෙවන කාර්තුවට අදාළව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ නිවේදනය මහජන උපයෝගීතා කොමිසම විසින් මීට සුළු මොහොතකට ඉදිරිපත් කළේය.

ගෘහස්ත විදුලි පාරිභෝජකයින්ගේ,

ඒකක 30ට අඩු නිවාස සඳහා 4.3%කින් වැඩිවීමක් සිදුකර ඇති අතර එහි මාසයක උපරිම වැඩිවීම රුපියල් 15ක් පමණි.

එමෙන්ම ඒකක 31ත් 60ත් අතර නිවාස සඳහා 6.9%කින් වැඩි කර ඇති අතර එහි මාසික උපරිම වැඩිවීම රුපියල් 45ක් පමණි.

ඒකක 61ත් 91ත් අතර නිවාස සඳහා 6.9 %කින් වැඩි කර ඇති අතර එහි මාසික උපරිම වැඩිවීම රුපියල් 120ක් පමණි.

ඒකක 91ත් 180ත් අතර නිවාස සඳහා 6.9%කින් වැඩි කර ඇති අතර එහි මාසික උපරිම වැඩිවීම රුපියල් 120ක් පමණි.

එමෙන්ම ඒකක 180ට වැඩි නිවාස සඳහා 25%කින් විදුලි ගාස්තු ඉහළ දමා ඇත.

මේ අතර මාසිකව ඒකක 180ට වඩා අඩු ආගමික සහ පුන්‍ය ස්ථාන සඳහා ගාස්තු වැඩිවීමක් සිදු කර නැති අතර ඒකක 180ට වැඩි ආගමික සහ පුන්‍ය ස්ථාන සඳහා 9.6%ක ගාස්තු ඉහළ නැංවීමක් සිදු කර තිබේ.

එමෙන්ම පොදු කාර්යය පාරිභෝගික කාණ්ඩය සඳහා 8%කින් ගාස්තු ඉහළ දමා ඇති අතර කර්මාන්ත අංශය සඳහා 8.7%ක් දක්වා පමණක් ඉහළ දමා ඇත.

මීට අමතවර හෝටල් සඳහා 9.9%කින් සහ රාජ්‍ය ආයතන සඳහා 14.4%කින් විදුලි ගාස්තු ඉහළ දමා තිබේ.

ඒ අනුව සමස්ත විදුලි ගාස්තු ඉහළ දැමීම 10%ක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here