බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් අඩු ධාරිතාවක් සහිත බල්බ වෙත යොමුවන්නැයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජයලත් බණ්ඩාර විදුලි පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.
ඔහු පවසන්නේ LED වැනි බල්බ සඳහා වැයවන්නේ අඩු ධාරිතාවයක් බවය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නිනෝ” කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන ඊයේ (29) ආරම්භ විය.
මෙම වැඩසටහන ඊයේ සිට ඉදිරි මාස පහක කාලයක් බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීම මෙහි අරමුණෙන් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වේ.
0
Saru News
















