කාසල්රී, මාවුස්සාකැලේ හා කොත්මලේ ජල මට්ටම පහළට; විදුලි උත්පාදනයටත් අවදානමක්

0
4

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා පැමිණීමේ අවදානමක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ කියා සිටී.

අද (29) දින උදෑසන 6:00 විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් වාර්ථා අනුව කාසල්රි ජලාශය ජලාශ මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40යි අගල් 10ක්ද මාවුස්සාකැලේ ජලාශය අඩි 26යි අගල් 11ක් දක්වා පහළ බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේය.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේද ජල මට්ටම පහළ බැස ඇති අතර, සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළි වලද පහළට කඩා වැටෙන ජල ධාරිතාවද අඩු වීම හේතුවෙන් එම දිය ඇළිවල සුන්දරත්වය අඩු වී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here