කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වුණා.
ඒ අනුව අප්‍රේල් 6 වනදා සිට මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසන්නේ.
Saru FM Media