ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පදවමින් සිටි මෝටර් රථයක් හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරකට ලක්ව ඇත.
මන්ත්‍රීවරයාට නින්ද යාමත් සමග පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලිසිය පවසන්නේ මන්ත්‍රීවරයා සිය පෞද්ගලික කටයුත්තක් සඳහා ගොස් ආපසු මදුරන්කුලිය ප්‍රදේශයේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.
ඊයේ (29) රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රිවරයා පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර, අනතුරෙන් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද පොලිසිය වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත්, මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප : Accident1st)







Saru News
















