වාහන අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීමේ තෙල් දෙන හැටි ගැන තීරණය අද…

0
5

රෂිකා හෙන්නායක මාර්තු 30, කොළඹ LNW :

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ඉන්ධන සලාක ක්‍රමයට අනුව, වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කරන දින තීරණය කර ඇත.

ඒ අනුව ඉරට්ටේ අංක සහිත වාහන සඳහා ඉරට්ටේ දිනවලදීත්, ඔත්තේ අංක සහිත වාහන සඳහා ඔත්තේ දිනවලදීත් ඉන්ධන ලබාගත හැකිය. එළඹෙන දින කිහිපය සඳහා මෙම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව බලධාරීන් මේ වන විට අවසන් තීරණ ගනිමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබද සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ සම්බන්ධයෙන් අද (30) දිනයේ අවසන් තීරණයක් ගනු ඇති බව, එහි අධ්‍යක්ෂ ජනරාල් මයුර නෙත්තිකුමාර පැවසුවේය.

මෙම නව වැඩපිළිවෙළ හරහා පාරිභෝගිකයන්ට වඩාත් විධිමත් අයුරින් ඉන්ධන බෙදාහැරීම රජයේ අපේක්ෂාවයි.

The post වාහන අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීමේ තෙල් දෙන හැටි ගැන තීරණය අද… appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here