උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ පවතින තෙල් අර්බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවති ද එය රුපියල් 1,250ක මිල යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර බවය.
මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ගණන් සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බවය.
Saru News
















