ව්‍යාජ හෘද රෝග වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත් හතක් ජීවිතක්ෂයට

0
10


ව්‍යාජ හෘද රෝග වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගීන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාමෝ ප්‍රදේශයේ රෝහලක සේවය කළ වෛද්‍යවරයෙකු විසින් හෘද රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවත්, ඔහුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් කිහිපදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ජෝන් කැම්ගේ නම අනිසි ලෙස භාවිත කර රෝගීන් නොමඟ යවා ඇති බවයි හෙළිව ඇත්තේ.

ඒ, අනුව අදාළ පුද්ගලයාගේ සැබෑ නම නරේන්ද්‍ර වික්‍රමාදිත්‍ය යාදව් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම පුද්ගලයා විදේශයක සිට අධ්‍යාපනය ලබා පුහුණුව ලබා ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද (07) සිට ලබන 09 වනදා දක්වා මානව හිමිකම් කොමිසමේ නිලධාරී කණ්ඩායමක් අදාළ රෝහලට ගොස් විමර්ශන සිදුකරන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත්තේ.

ඕනෑම වින්දිතයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට මෙම සිද්ධියට අදාළ තොරතුරු ලබාදීමට අවශ්‍ය නම්, ඔවුන්ට දමෝහි සිටින විමර්ශන කණ්ඩායම හමුවිය හැකි බවට ද දැනුම් දී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here