ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා තිබේ.
ඉරාක උත්තරීතර ඉස්ලාමීය සභාවේ කථානායකවරයා සහ ඉරාකයේ ඉරාන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, කමේනි විසින් යොමුකළ බවට පැවසෙන ලිපියක් ඉරාක නිලධාරියෙකුට ලබාදී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
ඉරානයේ නව උත්තරීතර නායක ලෙස මාර්තු මස මුලදී මොජ්තබා කමේනි පත්වීමෙන් පසු ඔහු යොමුකළ බවට පැවසෙන ලිඛිත පණිවිඩ කිහිපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
කෙසේ වෙතත් ඔහු පත්වූදා සිට තවමත් ප්‍රසිද්ධියේ හෝ රාජ්‍ය රූපවාහිනියේ දක්නට නොලැබුණි.
ඒ හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මොජ්තාබා කමේනි මිය ගොස් හෝ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.
කෙසේ නමුත් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපතිවරයා අවධාරනය කරන්නේ, කමේනි මහජනයා ඉදිරියට නොපැමිණීම ආරක්ෂක හේතුවක් මත බවය.
ඉරානයේ හිටපු උත්තරීතර නායක අභාවප්‍රාප්ත අයදුල්ලාහ් අලි කමේනි පෙබරවාරි 28 වන දින ප්‍රහාරයේ පළමු දිනයේම මිය ගිය නමුත් ඔහුගේ දේහය තවමත් භූමදාන කර නොමැති බව සඳහන්වේ.
Saru News












