කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කර 29වන ‘ඇතුගල්පුර එක්දින සටන’ කඩුලු 5කින් ජයගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අද (29) සමත් විය.
ඒ අනුව දෙවිදුහල් අතර වාර්ෂික එක්දින සටන වසර 8කට පසු මෙවර ජයගැනීමට ශා. ආනා විද්‍යාලයට හැකිවිය.
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 198ක ඉලක්කයක් හඹාගිය ශා. ආනා කණ්ඩායම කඩුලු 5ක් දැවී තරගයේ 42වන පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර ගියේය.
පළමුව පන්දුවට පහරදුන් මලියදේව විද්‍යාලයට පන්දුවාර 49.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 197ක් පමණි.
Saru News














