කිරුළපන වෙළඳ සංකීර්ණයේ සිදුකළ හදිසි වැටලීමක් : සිල්ලර මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට නඩු!

0
7

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කිරුළපන වෙළඳ සංකීර්ණයේ සිදුකළ හදිසි වැටලීමකදී සහල් තොග සඟවාගෙන පාරිභෝගිකයන්ට විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සහල් සිල්ලරට විකිණීම වෙනුවට රහසිගතව හෝටල් වෙත පමණක් අලෙවි කර ඇති බවත්, එම අවස්ථාවේදී නිලධාරීන් සහ වෙළඳුන් අතර උණුසුම් වාදයක් හටගත් බවත් වාර්තා වේ.

උත්සව සමයේ සිදුවන මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට අධිකාරිය නිරන්තරයෙන් ක්‍රියා කරන අතර, අදාළ වැරදිකරුවන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම සඳහා වැඩි මිලට භාණ්ඩ විකිණීමෙන් සහ තොග රැස්කිරීමෙන් වළකින ලෙස බලධාරීන් වෙළඳුන්ට දැඩි ලෙස අවධාරණය කරයි.

මෙම ක්‍රියාවලිය හරහා වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට සහ හිඟයකින් තොරව ලබාදීම රජයේ අපේක්ෂාවයි.

The post කිරුළපන වෙළඳ සංකීර්ණයේ සිදුකළ හදිසි වැටලීමක් : සිල්ලර මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට නඩු! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here