පුද්ගලයෙකුගේ ලද තොරතුරකට අනුව මහියංගණල මාපාකඩවැවල අලි කඳුර ප්‍රදේශයේ, මහවැලි වියානා ඇළෙහි පතුලෙහි තිබී විදේශ රටක නිශ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30ක් සොයාගෙන ඇත.
මහියංගණ පොලිසියේ පොගපග දිසානයක මහතාට ලද තොරතුරකට අණුව ඊයේ (14දා) දින සවස 05ට පමණ වියානා ඇළෙහි සිදුකල පරික්ෂාවේදී ගිණි අවිය හා ජිව උණ්ඩ හමුව තිබේ.
ජර්මනියේ නිශ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිණි අවියක්, බෝර 12 පතරෝම් 11ක්, ටි.56 උණ්ඩ 05ක්, මි.මී.09 උණ්ඩ 07ක්, රිවෝල්වර් උණ්ඩ 07ක් මෙලෙස සොයා ගෙන ඇත.
මේ දිනවල මහවැලි වියානා ඇලේ ජලය නිකුත් කිරිම අත්හිටුවා ඇති පසුබිමක ඇළෙහි පතුල නිරාවරණය වි ඇති අතර, ඇළෙහි පතුලේ තිබු සැක කටයුතු පාර්සලයක් පිළිබද පුද්ගලයෙකු විසින් මහියංගණ පොලිසිය දැණුවත් කර තිබේ.
එය කිසියම් පුද්ගලයෙකු විසින් වියානා ඇළෙට ගෙනවිත් දමා ඇති අතර, ඇළෙහි ජලය නොමැතිව පතුල දර්ශණය විමත් සමඟ බාහිරට නිරාවරණය වී ඇත.
Saru FM Media