රටවල් 13කට තාවකාලික වීසා තහනමක්!

0
14


රෂිකා හෙන්නායක අප්‍රේල් 07 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නමුත් ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් වේ.

පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය, එලෙස වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වේ.

මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් ඉස්මතු කර තිබේ. ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බව, සෞදි නිලධාරීන් සඳහන් කරයි. එනිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බවත් සඳහන්වේ.

එමෙන්ම ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව වාර්තා වී ඇති අතර, මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

බලධාරීන් වීසා අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසත්, එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අඟවා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here