ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ 

0
9

මැදපෙරදිග අර්බුදයත් සමඟ ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක ජනතාවට පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටස්මේනියානු ප්‍රාන්ත බලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉහළ යන ඉන්ධන මිල හමුවේ ඉන්ධන සඳහා දැරීමට සිදුවන පිරිවැය මත ගෘහස්ථ වියදම් ඉහළ යාමෙන් ජනතාවට සිදුවන පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වික්ටෝරියා සහ ටස්මේනියානු ප්‍රාන්තවල වැසියන්ට දුම්රිය බස් ඇතුළු පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිත කිරීමට අවස්ථාව හිමිවන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මාසයක කාලයක් සඳහාත් ටස්මේනියානු ප්‍රාන්තයේ හෙට (30) සිට ජුලි මස පළමුවෙනිදා දක්වාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික වාහන භාවිතය අවම කර ජනතාව පොදු ප්‍රවාහනය සඳහා උනන්දු කරවීම ද මෙම වැඩසටහනේ අරමුණක් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here